August 6, 2023

බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු ප්‍රතිකාර සඳහා වැලිගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාතර අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව වාර්තා වෙයි.

බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මිරිස්ස උඩුපිල හන්දියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටියදී පැමිණි ලොරි රථය මෙලෙස පොලිස් කොස්තාපල්වරයා අනතුරට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

පළාගිය ලොරි රථය සොයා මාතර අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.