March 10, 2025

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂයක් පමණ වටිනාකමින් යුත් බීඩිකොළ තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත පසුගිය 08 වැනිදා ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටළීමකදී එක්කෝටි විසිහත් ලක්ෂයක පමණ වටිනාකමින් යුත් බීඩිකොළ තොගයක් සොයාගෙන ඇත.

මෙහිදී බීඩිකොළ කි:ග්‍රෑම් 2541 ග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් මීගමුව ප්‍රදේශයේ දී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අද මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.