March 3, 2025

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගෙන හමුදා කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් මියන්මාර අගනුවරට රැගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් අතර මෙම සකච්ඡා පැවැත්වේ.

මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් ලාංකිකයන් ඇතුළු 7000 ක පමණ පිරිසක් එරටින් පිටවීමට නොහැකිව සිටින්නේ, තායිලන්තය සිය දේශසීමා හරහා ගමන් කිරීමට අවස්ථාව නොදීම හේතුවෙනි.

මීට පෙර ඒ ආකාරයට මුදාගත් ලාංකිකයන් ඇතුළු පිරිස් මියන්මාරයෙන් පිටවූයේ තායිලන්ත දේශසීමාව හරහාය.

මුදාගත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනා මේ වනවිට සිටින්නේ හමුදා කඳවුරුවලය.