42.31%
17.27%
32.76%
October 5, 2024

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඖෂධ වර්ග 80ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය හෙළිකර ඇත.

අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකිවන පරිදි රෝහල් මට්ටමින් මෙම ඖෂධ මිලදී ගැනීමට අවසර ලබාදී ඇති බව අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

ඖෂධ හිඟය පිළිබඳව අග්‍රාමාත්‍ය වෛද්‍ය හරිනි අමරසූරිය කිහිපවතාවක්ම විමසා ඇති අතර, රෝගීන්ගේ ජීවිතවලට බලපෑම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට දැනුම්දී ඇත.

42.31%
17.27%
32.76%