
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව අඛණ්ඩව යෙදවීමට රජය තීරණය කර තිබේ.
ඒ, ඔහුට ජීවිත තර්ජන පවතින බවට පළවී ඇති බුද්ධි අංශ වාර්තා පිළිබඳ අවධානය යොමුකරමින්ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් හිටපු නිලධාරීන්ගේ ආරක්ෂාව අඩුකර තිබියදී ටිරාන් අලස්ට තවමත් එස්ටීඑෆ් ආරක්ෂාව ලබාදෙන්නේ ඇයිදැයි ඉකුත් 11 වනදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් කර තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ආරක්ෂක ප්‍රතිපාදන ලබාදෙන්නේ බුද්ධි අංශ වාර්තා අනුව බවයි.
ටිරාන් අලස්ගේ ආරක්ෂාව සඳහා මුලින් නිලධාරීන් 19 දෙනකු අනුයුක්ත කර තිබූ බව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තහවුරු කළ බව අද බීබීසී සිංහල සේවය වාර්තා කර තිබේ.
එහිදී නිලධාරීන් 7 දෙනකු සමීප ආරක්ෂකයන් ලෙස නම්කර ඇති අතර තවත් 12 දෙනකු ඔහුගේ නිවසේ සහ වෙනත් ස්ථානවල ස්ථානගත කර ඇත.
ටිරාන් අලස්ට මීට පෙර එස්ටීඑෆ් ආරක්‍ෂාව ලැබුණේ ඔහු මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාව සිටියදී පාතාල කණ්ඩායම්වලින් එල්ල වූ තර්ජන හේතුවෙන්ය.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ටිරාන් අලස් පවසා ඇත්තේ, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු තමාට අනුයුක්ත කර තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සංඛ්‍යාව අඩුකර ඇති බවයි.
“මගේ ආරක්ෂාවට දැන් ඉන්නේ එස්ටීඑෆ් එකේ හයදෙනෙක් විතරයි. බුද්ධි වාර්තා මගින් මට එල්ල වී ඇති තර්ජන ගැන අනතුරු ඇඟවූවා පමණක් නොවෙයි මගේ පවුලේ සාමාජිකයන්ට ඇති අවදානම් ද පෙන්වා දී තිබෙනවා”
කෙසේවෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, අවශ්‍යතාව තීරණය කිරීම සඳහා සෑම මාස හයකට වරක් ආරක්ෂක ප්‍රතිපාදන සමාලෝචනය කරන බවයි.
“අපි වරින්වර ඇගයීම් සිදුකරනවා. තවදුරටත් ආරක්‍ෂාව අවශ්‍ය නැතිනම් ඉවත් කරනවා,” යනුවෙන් පවසන ඇමැතිවරයා, වැඩිදුරටත් පවසා ඇත්තේ, ටිරාන් අලස්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නව තක්සේරුවක් සිදුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart