Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, දැනට පවතින නඩු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණය කරමින් විනිසුරුවරුන් සම්බන්ධයෙන් අදහස් අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු තර්ජනයක් බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සහ විනිසුරුවරයකුගේ ක්‍රියාකලාපයට අදාළ අභියාචනාධිකරණ නඩුවකට අදාළව කැබිනට් ඇමැතිවරයකු බදාදා (8) පාර්ලිමේන්තුවේදී සිදුකළ චෝදනාවලින් තමන් කැළඹුණු බව නීතිඥ සංගමය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණයේ ළබැඳියාවන් අතර ගැටුමක්(conflict of interest) බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යයේ මූලික මූලධර්මයක් වන අතර, එබැවින්, අධිකරණ ස්වාධීනත්වයට ඕනෑම ආකාරයක අනිසි ඇඟිලි ගැසීම් අතිශයින් බරපතල වන අතර, විශේෂයෙන්ම එවැනි ක්‍රියා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරනු ඇත. එබැවින් එවැනි ක්‍රියා හෙළාදැකිය යුතුය,” යැයි නීතිඥ සංගමයේ නිවේදනයේ සඳහන් වේ.
එල්ල වී ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම සඳහා ස්වාධීන හා අපක්ෂපාතී පුද්ගලයන් පත් කළ යුතු බවත්, අධිකරණයට එරෙහිව කරන ඕනෑම චෝදනාවක් අසත්‍ය බව පෙනීගියහොත් අධිකරණයට අපහාස කිරීම ඇතුළු දණ්ඩන පැනවිය හැකි බවත් නීතිඥ සංගමය කියාසිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart