Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉරානය සම්බන්ධ බවට අමෙරිකාව එල්ල කරන චෝදනා ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පවසන්නේ, ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි.
“දැන් අලුත් ජවනිකාවක් ගොතලා තියෙන්නේ. යථාර්ථයේ දී මිනීමරුවෙක් නොමැති නිසා, තුන්වැනි මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීම සඳහා පිටපත් රචකයන් ගෙන්වා ගන්නවා,” යනුවෙන් ඉරානයේ විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමෙහි සටහනක සඳහන් කළේය.
අඟහරුවාදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ජනවාරි මාසයේදී බලයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයේ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂකයන් විසින් නියෝග කරන ලද බවට අමෙරිකාව ප්‍රකාශ කළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කර ඇත.
“ඇමරිකානු ජනතාව ඔවුන්ගේ තීරණය ගෙන ඇත. ඉරානය ඔවුන් කැමති ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට ඇති අයිතියට ගරුකරයි. ඉදිරි මාවත ද තේරීමකි. එය ආරම්භ වන්නේ ගෞරවයෙන්,” යනුවෙන් ද ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පවසයි.
“ඉරානය සිටින්නේ න්‍යෂ්ටික අවි පසුපස යන කාලපරිච්ඡේදයේ නොවේ. මෙය ඉස්ලාමීය ඉගැන්වීම් සහ අපගේ ආරක්‍ෂක ගණන් බැලීම් මත පදනම් වූ ප්‍රතිපත්තියකි. විශ්වාසය ගොඩනැංවීම දෙපාර්ශවයේම අවශ්‍යතාව වේ. එය තනි මාවතක් නොවේ,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Esmaeil Baghaei මීට පෙර කියාසිටියේ ඉරානයට එරෙහිව එල්ල කරන චෝදනා ඊශ්‍රායලය සහ වෙනත් ඉරාන විපක්ෂ කණ්ඩායම් විසින් “ඇමරිකාව සහ ඉරානය අතර කරුණු සංකීර්ණ කිරීම” සඳහා සිදුකරන පිළිකුල් සහගත කුමන්ත්‍රණයක් බවයි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයකු වන ෆර්හාඩ් ෂකේරි විසින් ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, මීට අමතරව, එක්සත් ජනපදයේ සිටින එක්සත් ජනපද සහ ඊශ්‍රායල පුරවැසියන් ඝාතන කිරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ශකේරි වෙත පවරා ඇති බවයි.
පසුගියදා ශ්‍රී ලංකාව තැතිගැන්වූ ‘ආරුගම්බේ ප්‍රහාරය’ සැලසුම් කර ඇත්තේද, මෙම ශකේරි නැමැත්තා බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart