Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට කඩදාසි මිලදී ගැනීමේ දී 2021 වර්ෂයේ දී රුපියල් හය කෝටි දහනව ලක්ෂයකට අධික පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.
ණයවර ලිපි වලින් රුපියල් කෝටි 45කට කඩදාසි ආනයනය කර මිලදී ගැනීමට හැකියාව තිබියදී එසේ නොකර අවස්ථා හයකදී දේශීය සැපයුම්කරුවන්ගෙන් කෝටි 51කට කඩදාසි මිලදී ගැනීමෙන් මෙම පාඩුව සිදුව ඇති බව ද එම වාර්තාවල දැක්වේ.
මේ අතර මුද්‍රණ සංස්ථාව එම වර්ෂයේ දී මුද්‍රණය කරන ලද ලොතරැයි පතකින් සංස්ථාවට ලැබීමට නියමිත මුදල එහි සභාපතිවරයා ශත 49 සිට ශත 44 දක්වා අඩුකිරීම හේතුවෙන් කෝටියකට වැඩි ආදායමක් අහිමිව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඔහු මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙන්නේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරවය.
සංස්ථාවේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායිතා ලෙස අදාළ නීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිත කර නොමැති බව ද වාර්තාවේ සඳහන් වේ.
අධ්යක්ෂ මණ්ඩලයේ යම් සාමාජිකයකුට සංස්ථාවේ යම් ගිවිසුමකට සෘජුව හෝ අන්‍ය ආකාරයකින් සාමාන්‍ය ව්‍යාපාර තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් තිබූ බවද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart