Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාමූහික ගිවිසුම් මගින් වැටුප් පරිමාණයන් පාලනය වන රජය සතු ව්‍යවසායයන්හි වැටුප් සංශෝධන සහ වසර තුනක නව ගිවිසුම් ඇති කර ගැනීම සම්බන්ධයෙන් රජය සහ එම රජය සතු ව්‍යවසාය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ.
සාමූහික ගිවිසුම් යටතේ පවතින රාජ්‍ය ආයතන, බැංකු සහ ගිවිසුම් මගින් පාලනය වන අනෙකුත් ආයතන වසර තුනක නව ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා රජය සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක තහවුරු කරයි.
ඒවා පාලනය වන්නේ සාමූහික ගිවිසුම්වලට අනුව බවත් නීතිමය ප්‍රතිපාදන මත භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව එම ස්වාධීන ආයතනවලට තම කටයුතු හැසිරවීමට නිදහස තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය වසර තුනට අදාළ ගිවිසුම්වල කාලය මේ වනවිට අවසන් වී ඇති බැවින් ඔවුන් නව කොන්දේසි පිළිබඳ සාකච්ඡා කරන බව ද භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු අවධාරණය කර ඇත්තේ, බදු මුදල්වලින් සමන්විත ඒකාබද්ධ අරමුදලින් අරමුදල් සපයන ආයතන නිශ්චිත වැටුප් පරිමාණයක් තීරණය කරන බවයි.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා අත්හිටුවීමට පසුගිය වසරේ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර උපදෙස් නිකුත් කර තිබිණි.
මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛයක් මගින් තීරණය කර තිබුණේ රජය සහ වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුම් යටතේ ප්‍රසාද දීමනා සහ දීමනා ලබාදීමෙන් වැළකී සිටීමටයි.
2023 නොවැම්බර් 17 දිනැති අංක PED 03/2023 දරන පොදු ව්‍යවසාය චක්‍රලේඛය චක්‍රලේඛය මගින් වර්ෂය සඳහා වන රජයේ මාර්ගෝපදේශ දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන්, වාණිජ සංස්ථා ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් වෙත ද දැනුම් දී තිබේ.
රජය සතු ව්‍යවසායයන්හි පවතින සාමූහික ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා අදාළ සියලුම පාර්ශවකරුවන් නියෝජනය කරන කමිටුවක් පිහිටුවීම කැබිනට් මණ්ඩලය යෝජනා කර තිබිණි.
අදාළ ගැටලු නිරාකරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ද කමිටුවට නියම කර තිබේ.
මෙම කමිටුවේ නිර්දේශ මත පදනම්ව වැඩිදුර නියෝග නිකුත්කරන තෙක් ඇතැම් ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවන ලෙස ද චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
රජය සතු ව්‍යවසායයන්හි සියලුම අධ්යක්ෂ මණ්ඩලවලට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝග දැඩි ලෙස පිළිපදින ලෙස ද පැහැදිලිව උපදෙස් දී තිබේ.
මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී සාමූහික ගිවිසුම්වල පසුබිම, අදාළ සංකල්ප සහ මේ සම්බන්ධයෙන් පවතින ප්රඥප්තීන් නිසි ලෙස සළකාබැලිය යුතු බව ද අවධාරණය කර ඇත.
පසුගිය දශකය තුළ සිදු වූ දැවැන්ත පාඩු සම්බන්ධයෙන් රජය සතු ව්‍යවසායයන් පසුගිය මාස කිහිපය තුළ සැළකිව යුතු විවේචනවලට මුහුණ දී සිටී.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියකට භාජනය වී ඇති අතර, ඒවා බොහෝ ආයතනවල තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු ණය භාණ්ඩාගාරයට පැවරීමත් සමඟ වියදම් පියවා ගැනීම සඳහා ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගැනිණි.
මීට අමතරව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු ණයවලින් කොටසක් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල මගින් ආවරණය කර තිබේ .
විදුලිබල මණ්ඩලය සිය වියදම් පියවා ගැනීම සඳහා විදුලි මිල ඉහළ දමා ඇති බව පෙනී යන අතර ඔවුන් දැනට මෙහෙයුම් පාඩු නොලබන තත්ත්වයක සිටී.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart