Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක අධිවේගී මාර්ගයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් තිබේ.
කටුනායක අධිවේගී මාර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද අලුයම 2ට පමණ එම අනතුර සිදුව ඇත.
රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබියදි ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කළ ද රාජ්‍ය අඇමැතිවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රියදුරා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
1975 උපන් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන අතර ඔහු මිය යන විට 48 වන වියේ පසුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart