October 28, 2024

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියන රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය පොලිසියට භාරදී තිබේ.

කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ රාජකාරි කළ රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම කඳවුරේ නිලධාරීන් විසින්ම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයා සතුව තිබූ ජංගම දුරකථන හයක් සිම්පත් හතක් ද පොලිස් භාරයට ගෙන ඇති බව අනාවරණය වේ.

42.31%
17.27%
32.76%