Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එලෝන් මස්ක්ගේ SpaceX හි චන්ද්‍රිකා ඒකකය වන ස්ටාර්ලින්ක් වෙත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට බලපත්‍රය ලබා දී ඇතත්, ඔවුන්ගේ සේවාවට සම්බන්ධ වීමට භාවිත කරන උපාංග ආනයනය කිරීම සඳහා එම ආයතනය තවමත් ඉල්ලුම් කර නොමැති බව ඉහළපෙළේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙම වසරේ අගෝස්තු මාසයේදී Starlink Lanka (Private) Limited වෙත විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් නිල වශයෙන් නිකුත් කරන ලදී.
එය ශ්‍රී ලංකාව තුළ සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීමට ස්ටාර්ලින්ක් වෙත අවසරය ලබා දෙයි.
ඉන්දුනීසියාවේ පැවති 10 වැනි ලෝක ජල සමුළුව අතරතුර එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එලොන් මස්ක් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පැවසුවේ, සේවාව භාවිත කිරීමට අදහස් කරන පාරිභෝගිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ස්ථාපනය කිරීමට අවශ්‍ය වන උපාංග ආනයනය කිරීමට ස්ටාර්ලින්ක් තවමත් පියවර ගෙන නොමැති බවයි.
එම ආරංචි මාර්ග අනුව, එවැනි භාණ්ඩ ආනයනය පාලනය කරන ශ්‍රී ලංකාවේ රේගු රෙගුලාසි පිළිබඳ ස්ටාර්ලින්ක් සැළකිලිමත් වන්නේද යන්න පිළිබඳ කරුණු ඉස්මතු කරන බවයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කිසිවක් විමසා නොමැති වුවද අවශ්‍ය මෙවලම් හෝ උපාංග ආනයනය කිරීම සඳහා ඔවුන්ට ඉල්ලුම් කළ හැකි බව දැනුම්දී තිබේ.
ස්ටාර්ලින්ක් වෙත අදාළ බලපත්‍රය ලබා දීමට අවසර දෙන ටෙලිකොම් නියාමන නීතියට සංශෝධනයක් ද පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart