November 7, 2024

2024–2025 ශ්‍රීපාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රීපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරීම, රැගෙන යෑම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරීමට ශ්‍රීපාද කමිටු රැස්විමේදී (05) දින තිරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පැවැසිය.

2024–2025 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සහභාගිත්වයෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල රැස්විම් ශාලාවේ පැවති කමිටු රැස්විමේදි මෙම තිරණය ගැනිණි.

මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදි නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ සීත ගඟුලේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා ධර්ම සුගන්දය මනුසත් සුභ සාධක පදනම මගින් විශාම පිරිවැයක් දරා වන්දනාකරුවන්ට නොමිලේ පානීය ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විට ගෙන ඇති බවත්, සීත ගඟුලේ සිට ඉදිකටුපහණ දක්වා යොදා ඇති ජලනළ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ වන විට කඩා විනාශ කර ඇති බවත එම පදනමේ නිලධාරීහු මෙම රැස්විමේදී පැවසූහ.

එම මාර්ගයේ පානීය ජල බෝතල් අලෙවි කරන ඇතැම් වෙළදසැල් හිමියන් විසින් මෙම ක්‍රියාව සිදුකරන බවට නැගුණු චෝදනාවක් මත නල්ලතන්නිය සිට ශ්‍රීපාද උඩමළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවිය, රැගෙන යෑම තහනම් කළ අතර, එම තිරණයට පටහැණිව කටයුතු කරන වෙළඳසැල්වල බලපත්‍ර අවලංගු කිරිමට තිරණය කෙරිණි.

මේ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලය සහ මස්කෙළිය ප්‍රාදේශිය සභාව විසින් අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.(අද)

42.31%
17.27%
32.76%