October 18, 2024

#ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ කපිතාන්වරයා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනක ගුවන් ගමනක් අතරතුර සිදු වූ මෙම සිදුවීම, වැසිකිළි විවේකයේ දී ඇති වූ මතභේදයක් මත කපිතාන්වරයා පළමු කාන්තා නිලධාරිනිය නියමු කුටියෙන් පිටතට අගුළු දැමීම සම්බන්ධයෙන් වාර්තා විය..

මූලාශ්‍රවලට අනුව, එයාර්බස් A330 ගුවන් යානයේ ගමන බාධාවකින් තොරව දිගටම පැවතුණද, මෙම තත්ත්වය මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර කලබලයක් ඇතිකර තිබිණි.

සිද්ධියෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු අතර, කපිතාන්වරයාගේ වැඩ තාවකාලිකව අත්හිටුවා තිබිණි.

42.31%
17.27%
32.76%