42.31%
17.27%
32.76%
September 26, 2023

මෙරට සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය පවුලේ අය සමඟ අද (26) කටුනායක ගුවන් තොටුපළට පැමිණි රුසියානු ජාතික ඇලෙක්ස් මැස්කොව් ශ්‍රී ලංකාවේ මිලියනයේ සංචාරකයා ලෙස පිළිගනු ලැබීය.

එනම් මේ වසර ඇතුළත මෙරටට සංචාරකයන් ලක්ෂ 10ක් පැමිණීම ඇලෙක්ස් මැස්කොව් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ සනිටුහන් කරනු ලැබූහ.

මෙම සන්ධිස්ථානය සැමරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි.

මැස්කොව් සහ ඔහුගේ පවුලේ අය නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර සම්ප්‍රදායික ශ්‍රී ලංකා මල්මාලා සහ සිහිවටන පිරිනමන ලදී.

42.31%
17.27%
32.76%