
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපීපෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, ප්‍රක්ෂේපිත සියයට 4.4 ට සාපේක්ෂව සියයට 5ක වර්ධනයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි.
කර්මාන්ත සහ සේවා අංශයේ විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ක්ෂේත්‍ර ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්යසාධනය මෙම වර්ධනයට හේතු වී ඇත.
කෙසේවෙතත්, 2025 ලෝක බැංකු වාර්තාවට අනුව, ගෝලීයව එල්ල වූ අභියෝග සහ පෙර නොවූවිරූ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ එල්ල වූ බලපෑම් සහ වර්ධනයට එල්ල වූ ව්‍යුහාත්මක බාධාවන් පිළිබිඹු කරමින් වර්ධනය සියයට 3.5 දක්වා මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද දින නිකුත් කරන ලද ලෝක බැංකුවේ Staying on Track යන ශ්‍රී ලංකා සංවර්ධනය යාවත්කාලීන කිරීමේ වාර්තාව මගින්, රටේ ධනාත්මක වර්ධනය සහ මූල්‍ය කාර්යසාධනය තිබියදීත්, තවදුරටත් රට හමුවේ සැළකිව යුතු අභියෝග පවතින බව අවධාරණය කරයි.
එම වාර්තාවට අනුව, ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙමින් තිබියදී, බොහෝ ශ්‍රී ලාංකිකයන් තවමත් මූලික අවශ්‍යතා සඳහා අරගල කරමින් සිටියි.
එබැවින් කුටුම්භ ආදායම්, රැකියා සහ සමස්ත සුබසාධනය තවමත් පූර්ව අර්බුද මට්ටම්වලට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින්, එම වාර්තාවට අනුව දරිද්‍රතා අනුපාතිකය 2024 දී සියයට 24.5 දක්වා භයානක ලෙස ඉහළ මට්ටමක පවතී.
ශ්‍රම වෙළඳපොළ ද අර්බුදයකට මුහුණ පා ඇති අතර, එය මෙරට ජනතාව විදේශ රැකියා සොයමින් විදේශගතවීම් වැඩිවීමට හේතු වී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ශක්තිමත් වෙමින් තිබුණ ද, ජනගහණයෙන් විශාල කොටසක්, එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයට ඇදවැටී හෝ නැවත දරිද්‍රතාවයට ඇදවැටීමේ අවදානමක සිටින බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අංශයේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පවසයි.
එබැවින් ආර්ථිකය ලබා ඇති ප්‍රකෘතිය සෑම කෙනකුටම, විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූවන් සඳහා සහාය වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව රැකියා උත්පාදනය කරන සහ දුප්පතුන්ට උපකාර කරන ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ද ඩේවිඩ් සිස්ලන් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart