February 19, 2024

පසුගිය වසරේ රට බිඳවැටීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව විශිෂ්ට ආර්ථික ප්‍රකෘතියක් අත්කරගෙන සිටින බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පැවැසීය.

අන්තර්ජාතික සංසදයක් අමතමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට එලෙස විශිෂ්ඨ ‘ආර්ථික පුනරාගමනයක්’ දැකීමට හැකිවූයේ, රටට උපකාර කළ සමීප හිතවතුන් කිහිපදෙනෙක් සිටි නිසා බවයි.

“මම ඔබට කතාවක් කියන්නම්. ඒක ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ විශිෂ්ටතම පුනරාගමන ගැන කතාවක්. ඒ කතාව ශ්‍රී ලංකාව ගැනයි. අවුරුදු එකහමාරකට කළින් ශ්‍රී ලංකාව තිබුණේ අර්බුදයක. පාරවල්වල මහා විරෝධතා පැවතුණා. පාරවල් පුරා ඉන්ධන සහ ආහාර ලබාගන්න පෝලිම් තිබුණා. ජනාධිපතිවරයාගේ නිවස විරෝධතාකරුවන් අත්පත් කරගත්තා. විරෝධතාකරුවන් ඒ නිවසේ පිහිනුම් තටාකයේ නෑවා. ඒ කුස්සියේ උයාගෙන කෑවා. නමුත්, ඔබ මෑතකදී ශ්‍රී ලංකාවට ගියානම්, ඒක සම්පුර්ණයෙන්ම වෙනස් තැනක් වෙලා. රට ස්ථාවරයි. ආහාර සහ ඉන්ධන මිල ස්ථාවරයි. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටිනවා.ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන. ඔවුන්ට එහෙම කරන්න පුළුවන් උණේ කොහොමද? මම ඒ ගැන කියන්නම්. ඔවුන්ට උපකාර කළ සමීප හිතවතුන් කිහිපදෙනෙක් හිටියා.”

42.31%
17.27%
32.76%