February 10, 2025

ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය #ක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ඇති කරගත් ගිවිසුම අලුත් කිරීම ප්‍රමාද වෙමින් පවතින්නේ, දේශීය රියදුරු බලපත්‍රවල ආකෘතියට නිතිපතා සිදු කරන වෙනස්කම් හේතුවෙන් ය.

ශ්‍රී ලංකා රජය ගිවිසුම අලුත් කිරීමට සූදානම් වුවද, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රවල ආකෘතිය මෑත අතීතයේ දී අවම වශයෙන් තුන් වතාවක් වෙනස්වීමත් සමඟ ඒවායේ සත්‍යතාව තහවුරු කරගැනීමට ඔවුන්ට නොහැකි වී ඇති බවට ඉතාලි බලධාරීන් කනස්සල්ල පළකර තිබේ.

මෙය ඉතාලියේ රියදුරන් ලෙස රැකියා ලබාගැනීමට බලාපොරොත්තු වන බොහෝ ශ්‍රී ලාංකිකයන් අවුලකට ඇදදමා ඇති අතර, ඔවුන් විදේශ අමාත්‍යාංශයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා තිබේ.

විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසන්නේ, රජය මෙම ගැටළුව විසඳීමට කටයුතු කරන බවත්, දකුණු කොරියාව සමඟ ඇති රැකියා කෝටා ක්‍රමය වැනි රැකියා කෝටා ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවත්, එමඟින් ඉතාලියේ රැකියා ලබාගැනීමට කැමති ලාංකිකයින්ට නීතිවිරෝධී ලෙස එම රටට ඇතුළු වීමට උත්සාහ නොකර නීත්‍යානුකූලව එය කළ හැකි බවත්ය.

42.31%
17.27%
32.76%