Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ(NBRO) අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක්, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ නායයෑම්වලට ගොදුරු වීමේ අවදානමක පවතී.
NBRO අධ්‍යයනයට අනුව බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර සහ හබන්තොට යන ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 13,000ක් පමණ නායයෑමේ අවදානමට ලක්ව ඇත.
අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ, නායයෑම් සිදුවීම සහ නායයෑම් වාර ගණන වැඩිවෙමින් පවතින අතර, සෑම වර්ෂාපතනයක් සමඟම එවැනි ව්‍යසනයන් ඇතිවීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇති බවයි.
නාය යෑම් වාර ගණන වැඩි වීමට ප්‍රධාන හේතු වනුයේ, සැලසුම් නොකළ ඉඩම් පරිහරණ ක්‍රම සහ සැලසුම් නොකළ වගාවන්, නිරන්තරයෙන් වැඩිවන ඉංජිනේරු උපදේශනයන් නොමැති ඉදිකිරීම්, ජල මාර්ග අවහිර කිරීම, ජල මූලාශ්‍ර රක්ෂිත ප්‍රදේශවල ඉදිකිරීම්, වන විනාශය සහ මිනිස් මැදිහත්වීම් ය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ පෘථිවි සම්පත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සහ ශ්‍රී ලංකා භූ විද්‍යා ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි විසින් කරන ලද තවත් අධ්‍යයනයකට අනුව, පසුගිය දශක දෙක තුළ සිදු වූ ප්‍රධාන නායයෑම් හේතුවෙන් ජීවිත දහස් ගණනක් අහිමි වී ඇති අතර, 175,000 ක් පමණ නිවාස අහිමි වී ඇත. මීට අමතරව, දේපළවලට රුපියල් මිලියන ගණනක හානියක් සිදුවී ඇත.
ඔහු සිය අධ්‍යයනයේදී පවසන්නේ, ශ්‍රී ලංකාවේ දේශගුණය අර්ධ ශුෂ්ක උෂ්ණත්වයේ සිට මෘදු උෂ්ණත්වය දක්වා වෙනස් වන බවයි.
බෑවුම් සහිත පෘෂ්ඨවල හෝ ගොඩනැඟිලිවල බිත්තිවල ඇති ඉරිතැලීම් හදිසියේ විවෘත වීම සහ පුළුල් වීම නායයෑමේ සලකුණු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart