October 17, 2024

මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන ගැටුම්කාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

දැක්වෙන්නේ එම නිවේදනයයි;

මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන ගැටුම ක්‍රමයෙන් උග්‍ර අතට හැරීමෙන් විශේෂයෙන්ම ලෙබනනයේ අවදානම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත.

එම කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබව තහවුරු කිරීම පිණිස අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා අවශ්‍ය පියවර දැනටමත් ගැනෙමින් පවතියි.

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස්ද ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් නිරතුරුව ලබා දෙනු ඇත.

මෙම සන්දර්භය තුළ, එම උපදෙස්වලට විශේෂ අවධානයක් යොමු කර ඒවා අනුව කටයුතු කරන ලෙස මැදපෙරදිග කලාපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

තවද, මැදපෙරදිග කලාපයේ සේවය කරන සහ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට, කිසියම් හදිසි අවස්ථාවකදී ස්වකීය සමීපතමයන් පිළිබඳ තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 011 – 2338812/ 011 – 7711194 ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය හා සම්බන්ධ වීමට හැකිය.

 

42.31%
17.27%
32.76%