September 3, 2024

2024 ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයන් 28,003 දෙනකු රැකියා සඳහා විදේශගතවී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වාර්තාවකට අනුව, 2024 පළමු මාස ​​හත තුළ ශ්‍රී ලාංකිකයන් 175,163 ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා ඔස්සේ මෙම කාලසීමාව තුළ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,710.8ක් ලැබී ඇති බවද මහබැංකු වාර්තාව පවසයි.

මෙය 2023 පළමු මාස ​​හතට සාපේක්ෂව වැඩිවීමක් වන අතර, එම කාලය තුළ රැකියා සඳහා 171,864 ක් විදේශගත වී ඇති අතර ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 3,363.6 ක් වාර්තා විය.

වාර්තාවට අනුව රැකියා සඳහා වැඩිම විදේශගතවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2014 වසරේදීය.