Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 7,600 ක් සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 126 ක් මේ වන විට ලෙබනනයේ සිටින අතර, තත්වය උත්සන්න වෙමින් පවතී.
එහෙත් බොහෝ කම්කරුවන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ දැඩි මිලිටරි බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇති එරට තවදුරටත් රැඳී සිටිනවාද, නැතහොත් මව්රට රට වෙත ආපසු යා යුතුද යන්න තවමත් තීරණය කර නොමැත.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ (UNIFIL) කොටසක් ලෙස ශ්‍රී ලංකා සොල්දාදුවන් ස්ථානගත කර ඇති දකුණු ලෙබනනයේ, ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සාම සාධක ස්ථාන වෙත කිහිපවතාවක්ම ප්‍රහාර එල්ල කර ඇති බව UNIFIL ප්‍රකාශක Andrea Tenenti සිකුරාදා ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.
UNIFIL පස් වතාවක් ඊශ්‍රයලය හිතාමතා එල්ල කරන ලද ප්‍රහාරවලට ලක්ව ඇත. පසුගිය සතියේ තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තවමත් සුවය ලබමින් සිටියි.
බොහෝ ශ්‍රී ලංකා සාම සාධක භටයන් UNIFIL හි බල ආරක්ෂණ ඒකකයේ කොටසක් වන අතර, එයින් අදහස් වන්නේ ඔවුන්ගේ කාර්යභාරය දකුණු ලෙබනනයේ Naqoura හි මූලස්ථානය ආරක්ෂා කිරීම බව යුනිෆිල් හි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා මහජන තොරතුරු නිලධාරී ලුතිනන් කර්නල් සුජාන් ශාක්‍යා පවසයි.
ලාංකිකයන්ට අමතරව රටවල් 50ක් UNIFIL සඳහා භට පිරිස් 10,058ක් දායක කර ඇත.
Andrea Tenenti පැවසුවේ සාම සාධක භටයන් බංකර්වල පැය ගණනක් ගතකිරීමට සිදුවීම ඇතුළු ඉතා දුෂ්කර කොන්දේසි යටතේ සේවය කරන බවයි.
මෙතෙක් UNIFIL ප්‍රතිප්‍රහාර එල්ල කර නැති නමුත් Andrea Tenenti පැවසුවේ අණ දෙන නිලධාරීන්ගේ අභිමතය පරිදි ආත්මාරක්ෂාව සඳහා ඔවුන්ට එසේ කිරීමට අවසර දුන් බවයි.
මේ අතර, ලෙබනනයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් රටේ තවදුරටත් නැවතී සිටීම හෝ ආපසු සිය රට යනවාද යන්න පිළිබඳව තීරණයක් ගනිමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර පවසන පරිදි, බොහෝ ශ්‍රී ලාංකිකයන් ආපසු සිය රට බලා යෑමට කැමැත්තක් දක්වන්නේ නැත.
දශක ගණනාවක් තිස්සේ එරට ජීවත් වූ ඇතැම් ශ්‍රී ලාංකිකයන්, වෙනත් සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සමඟ තමන්ගේම පවුල් ආරම්භ කර ඇති අතර, ඔවුන්ගේ දෙවැනි නිවස ලෙබනනය බව ඔහු පෙන්වාදෙයි.
එසේ වුවද, ඔවුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට නීත්‍යානුකූලව ලෙබනන් ක්‍රමයට අන්තර්ග්‍රහණය කළ නොහැක. ඔවුන්ට රජයේ පාසල් අධ්‍යාපනය ලැබිය නොහැකි අතර කෆාලා ක්‍රමය යටතේ ලෙබනනයේ රැඳී සිටින්නේ ඔවුන්ගේ සේවායෝජකයාගේ අභිමතය පරිදි පමණක් බව තානාපතිවරයා පැහැදිලි කර ඇත.
රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරක්ෂිත ස්ථානවල පදිංචිව සිටින සංක්‍රමණිකයන්ට සහාය දක්වමින් සිටියි.
එහෙත් සංක්‍රමණික ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘ප්‍රජා සංවර්ධන සේවා’ අධ්‍යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් අනතුරු ඇඟවා ඇත්තේ, නවාතැන්වල තත්වය නරක අතට හැරෙන බවයි.
විශේෂයෙන් විවිධ රෝග වේගයෙන් පැතිර යන අතර ලෙබනනයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැනටමත් බිඳවැටී ඇත.
ලෙබනනයේ පෞද්ගලික රෝහලක සේවය කරන ශ්‍රී ලාංකිකයකු පවසා ඇත්තේ, බොහෝ සංක්‍රමණික සේවකයන්ට, විශේෂයෙන් කල් ඉකුත් වූ වීසා මත සිටින අයට සෞඛ්‍ය සේවා ලබාගත හැක්කේ බොහෝ රෝහල් පෞද්ගලික සහ මිල අධික බැවින් රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව පමණක් බවයි.
තත්ත්වය නරක අතට හැරුණහොත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ඔවුන්ගේ අදහස වෙනස් විය හැකි බව ඇන්ඩෘ සැමුවෙල් පවසයි. එහෙත් බොහෝදෙනෙකුට, ආපසු සිය රට යෑමට විශාල බාධාවක් වී ඇත්තේ, නිල ලේඛන නොමැති වීමයි.
ඇතැම් සංක්‍රමණිකයන් ලෙබනනයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර හෝ සංචාර වීසා මත බවද හෙළිව ඇත.
තවත් අයගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන්ගේ හාම්පුතුන් විසින් ලබාගෙන ඇති අතර, හාම්පුතුන් සැලකිව යුතු කොටසක් රටින් පැනගොස් ඇත.
බොහෝදෙනෙක් ලෙබනනයේ දශක ගණනාවක් ජීවත්වී ඇති අතර, බොහෝ දුරට පලස්තීන හෝ සිරියානු සරණාගතයන් සමඟ සිට දරුවන් ලබා ඇත. විදේශිකයන් දෙදෙනෙකුට ලෙබනනයේ විවාහයක් ලියාපදිංචි කළ නොහැකි බැවින්, මෙම දරුවන් විවාහයෙන් පිටත උපත ලැබූ දරුවන් ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ ලේඛන පිළිවෙලට ගැනීම වඩාත් සංකීර්ණ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart