December 5, 2024

ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හේතුවෙන් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 55 දෙනෙකු, කණ්ඩායම් පදනමින් ලෙබනනයෙන් ඉවත් කිරීමට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියාසිටියේ, සංක්‍රමණ පිළිබඳ අන්තර්ජාතික සංවිධානය (IOM) සමඟ එක්ව මෙම ඉවත් කිරීම් සිදුකරන බවයි.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 26 දෙනකුගෙන් යුත් නවතම කණ්ඩායම ඊයේ (දෙසැම්බර් 04) සවස කොළඹට ගෙන්වාගෙන ඇත.

ලෙබනනයේ IOM ආයතනයේ සහාය අගය කරණ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ලෙබනනයේ නොසන්සුන්කාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද වඩාත් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

හිස්බුල්ලා සංවිධානය සමඟ ඇති කරගත් සටන් විරාමය බිඳවැටුණහොත් ලෙබනනයේ යුද්ධයට නැවත පැමිණෙන බවට ඊශ්‍රායලය අඟහරුවාදා තර්ජනය කළේය.

පසුගිය සතියේ සටන් විරාමය තිබියදීත්, ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් ලිටානි ගඟට උතුරින්, ප්‍රහාර නැවැත්වීමට සහ ඉවත් වීමේ ගිවිසුම නොසලකා හරිමින්, හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව, ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට දිගටම ප්‍රහාර එල්ල කර ඇත.

42.31%
17.27%
32.76%