October 31, 2024

හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලිය හෙට (01) ආරම්භ වීමට නියමිතය.

වසර 7කට පසුව පැවැ­ත්වෙන මෙවර තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩා­යම් 12ක් සහභාගි වන අතර, තර­ගා­ව­ලිය ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.

මූළික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැ­ත්වෙන තරගාවලියට තරග 29ක් ඇතුළත් වේ.

ළහිරු මදු­ෂං­කගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ළහිරු සම­ර­කෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීර­ක්කොඩි, ධනං­ජය ලක්ෂාන්, තරිඳු රත්නා­යක සහ තනුක දාබරේ ක්‍රිඩාකරනු ලැබේ.

හෙට පෙර­වරු 8.45ට ඕමා­න­යට එරෙ­හිව තරග වදින ශ්‍රී ලංකා පිළ පස්වරු 2.10ට බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව මූළික වටයේ අව­සන් තර­ග­යට එක්වෙයි.

මූළික වට­යේදී ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගන්නා කණ්ඩා­යම් දෙක අර්ධ අව­සන් වට­යට සුදු­සු­කම් ලබාගනු ඇත.

1992 වසරේ ආරම්භ වූ හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව, 1993 සහ 2004 වස­ර­ව­ලදී අනු­ශූ­ර­තාව දිනා තිබේ.

42.31%
17.27%
32.76%