April 18, 2024

කායවර්ධන අන්තර්ජාතික සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකිකයෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්ව ඇත.

පසුගිය 13වැනිදා මෙල්බන්හිදී පැවති තරඟාවලියේදී Men`s physique Novices අංශයෙන් පළමු ස්ථානයත් True Novices අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම විවෘත අංශයේ 3 වන ස්ථානයත් හිමි වූයේ ලක්රුවන් බණ්ඩාරට ය.

IFBB Professional League Australia තරගාවලිය ආධුනික නවක සහ විවෘත කාණ්ඩ වැනි අංශ කිහිපයක් යටතේ මෙම තරඟ පැවැත්වුණි.

ලබන මැයි මස 4 වනදා ආරම්භ වන IFBB Professional League Australia තරගාවලියේ ජාතික ශූරතාවලියට ද සහභාගී වීමට ලක්රුවන් බණ්ඩාර සූදානම් වේ.

2018 වසරේ නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවට පැමිණි 27 හැවිරිදි ලක්රුවන් 2015 වසරේ සිට ශ්‍රී ලංකාව තුලදීත් කාය වර්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටි අයෙකි.

ජයසුන්දර බණ්ඩාර යටතේ පුහුණුව ලබන ඔහු ශ්‍රී ලංකාවේදීත් අවස්ථා කිහිපයකදීම කායවර්ධන තරගවලට ඉදිරිපත් වී තිබේ.

2016 වසරේ මධ්‍යම පළාතේ පැවති තරගවලින් මෙන්ම 2017 වසරේ Mr. Sri Lanka Junior තරගාවලියෙන් ද ඔහු සම්මාන ලැබීය.

ඔස්ට්‍රේලියාවේ සිට තවමත් අධ්‍යාපනය හදාරන ලක්රුවන් බණ්ඩාරගේ අරමුණ වී ඇත්තේ පෞද්ගලික උපදේශකයකු ලෙස කාය වර්ධන වෘත්තියේ නිරත වී ශ්‍රී ලංකාවේ කාය වර්ධන ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමයි.

(මූලාශ්‍ර – AUSලංකා)