Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම සේවා ස්ථානයෙන් ඩොලර් 250,000 ක් සොරකම් කර එම මුදලින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා, දේශීය ක්‍රීඩා සමාජයකට ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළ බව පැවසෙන ශ්‍රී ලාංකික සම්බවයක් සහිත පුද්ගලයකු, තමා කළ වරද සම්බන්ධයෙන් එරට අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන ඇත.
36 හැවිරිදි නවිෂ්ට ද සිල්වා නම් මෙම පුද්ගලයා ක්‍රිස් ගේල්, තිලකරත්න ඩිල්ෂාන් සහ ෂොයිබ් මලික් වැනි ක්‍රීඩකයන් පිරිසකට මෙලෙස මුදල් ගෙවා ඇති බව හෙළිව තිබේ.
කෙසේවෙතත් අදාළ ක්‍රීඩකයන් තමන් වංචාවකට හසුවූ බවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නැත.
ඔහු සේවය කළ ගබඩාවේ ඉන්වොයිසි ව්‍යාජ ලෙස සකසා 2021 මාර්තු සහ 2022 ජූලි අතර ඔහුගේම බැංකු ගිණුමට ඩොලර් 241,000 ක් යොමුකර ගෙන ඇති බවට චෝදනා එල්ලවී ඇත.
එතැන් සිට ඔහු අන්තර්ජාතික ක්‍රිකට් තරු ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට ඩොලර් දස දහස් ගණනක් වියදම් කර තිබේ.
ඔහු ටී.එම්. ඩිල්ෂාන්ට අයත් ක්‍රිකට් සමාගමකට ඩොලර් 37,250 ක් සහ ශ්‍රී ලංකා පිතිකරු ළහිරු තිරිමාන්නට ඩොලර් 5,800 ක් ලබාදී ඇති බව අධිකරණයේදී හෙළිවී ඇත.
තවත් නම් නොකළ අනෙකුත් ක්‍රීඩකයන්ට ඩොලර් 28,950 ක් ඔහු ගෙවා තිබේ.
ඔහුගේ සේවා ස්ථානය විගණනය කිරීමෙන් පසු සොරකම අනාවරණය වී ඇති අතර, ඔහු වෙත වංචා කිරීමට භාවිතා කළ විද්‍යුත් තැපැල් ලිපිනයන් සහ බැංකු ගිණුම් සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.
විස්සයි20 තරගාවලියක් සංවිධානය කිරීම සඳහා නවිෂ්ට ද සිල්වා මෙලෙස කටයුතු කර ඇති බවත්, එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු මෙලෙස මුදල් සොරකම් කිරීමට තීරණය කළ බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart