
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය ආවරණය කිරීමේ අවස්ථාව මෙරට මාධ්‍ය වෙත නොදෙමින් ජනාධිපති මාධ්‍ය අංශය එම ආවරණ කටයුතුවල සම්පූර්ණ පාලනය මෙවර සියතට ගැනීම නිසා වාර්තාකරණයේ දී මෙරට මාධ්‍යයන්ට යම් යම් ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබිණි.
කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිස කළමනාකරණය කර තිබුණේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසිනි.
ඒ අනුව එම මාධ්‍ය කණ්ඩායම්වලට ඉන්දීය අගමැතිවරයා සමඟ ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබූ අතර, දේශීය මාධ්‍යය වෙත ප්‍රවේශය ලබා දී තිබුණේ නිදහස් චතුරශ්‍රයේ පැවති පිළිගැනීමේ උත්සවය ආවරණය කිරීමට පමණි.
නායකයින් දෙදෙනාගේ ප්‍රකාශ සිදු කළ අවස්ථාවේ දී එය ආවරණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ රාජ්‍ය රූපවාහිනිය වන රූපවාහිනි සංස්ථා කණ්ඩායමට පමණක් වුවද සමස්ත ඉන්දීය මාධ්‍ය කණ්ඩායම් වෙත එය ආවරණය කිරීමට අවස්ථාව ලැබී තිබිණි.
මෙම උත්සවයේ ආවරණය තම කණ්ඩායමට පමණක් ලබා දීමට ජනාධිපති මාධ්‍ය අංශය තීරණය කර තිබීම නිසා මෙරට මාධ්‍ය ආයතනවලට පෙර එහි තොරතුරු ලබා ගැනීමට ඉන්දියානු මාධ්‍යවලට හැකි වී තිබිණි.
අගමැති මෝදිගේ කතාව සහ අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳ විස්තර ජනාධිපති මාධ්‍ය අංශයෙන් ලැබීමට පැය කිහිපයකට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිවේදන මෙරට මාධ්‍ය වෙත ලැබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කතාව මෙරට මාධ්‍ය වෙත ලැබී තිබුණේ පැය පහකටත් වැඩි කාලයකට පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart