Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩා ජාතිකයකුට වසර 25ක් දක්වා සමාවක් හිමිනොවන, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.
ග්ලෝබල් නිව්ස් කැනඩා වාර්තාකර තිබුණේ, සසිකරන් තනපාලසිංහම් නැමති මෙම චුදිතයාට දඬුවම් නියම කිරීම සිදුවී ඇත්තේ සිද්ධියෙන් වසර හතරකට පසුව බවයි.
27 හැවිරිදි තර්ෂිකා ජෙගනාදන් බස් රථයෙන් බැස ස්කාර්බරෝහි නිවසට යමින් සිටියදී විරසකව සිටි ඇගේ සැමියා විසින් පිහියකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
පසුගිය සතියේ පැවති දඬුවම් නියම කිරීමේ විභාගය අතරතුර ඇගේ මිතුරියක වන කරුන්සා පරමේෂ්වරන්, තර්ෂිකා හැඳින්වූයේ “කරුණාවන්ත අයකු” ලෙසය.
“තර්සි මිය ගිය ආකාරය ඇයට සුදුසු නැහැ, නමුත් අද යුක්තිය ඉටු වීම ගැන මම සතුටු වෙනවා” යනුවෙන් ඇය පවසා තිබිණි.
තර්ෂිකා ජෙගනාදන්ගේ පවුලේ පිරිස මෙම නඩු ඇසීම සූම් තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සිට දැක බලාගෙන තිබේ.
2019 සැප්තැම්බර් 11 වැනි දින තර්ෂිකා ජෙගනාදන් සමඟ දුරකථනයෙන් කතා කළ අවසන් පුද්ගලයා වූ පරමේෂ්වරන් පැවසුවේ ඇය අවසන් හුස්ම හෙළූ බව තමාට ඇසුණු බවයි.
“ඇය බියෙන් කෑගැසූ හඬට මා කැලඹී ගියා. එය සදහටම මගේ මනසේ හොල්මන් කරයි ” යනුවෙන් පරමේෂ්වරන් ප්‍රකාශ කළාය.
තර්ෂිකා ජෙගනාදන් අභාවප්‍රාප්ත වීමෙන් පසු පළමු මාසය තුළ තමාට නිදාගැනීමට නොහැකි වන තරමට කම්පන සහගත තත්ත්වයක සිටි බවද ඇය පැවසුවාය.
පරමේෂ්වරන් සඳහන් කළේ ශෝකය දරාගැනීමට ප්‍රතිකාර ලබාගැනීමට ද ඇයට සිදුවුණු බවයි.
නඩු විභාගයකින් පසුව, පළමු මට්ටමේ මිනීමැරුමක් සම්බන්ධයෙන් තනපාලසිංහම් මැයි මාසයේදී වැරදිකරු විය.
එල්ලස්මියර් පාර සහ මොරිෂ් පාර අසලදී බසයෙන් බසින ලද තර්ෂිකා ජෙගනාදන්, පිහියක් අතැතිව සිටි පුද්ගලයෙකු විසින් ලුහුබැඳ යන අයුරු වීඩියෝ කැමරාවලට හසුවී තිබිණි.
වීඩියෝවේ දැක්වෙන්නේ ජෙගනාතාන් ජීවත් වූ බිම් මහලේ සිට මද දුරකදී මහ දවල් පහර දී ඇය මරා දමන ආකාරයයි.
පරමේෂ්වරන් නඩු විභාගයේදී සාක්ෂි දෙමින් කියා සිටියේ, ඇය ජෙගනාදන්ට සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියදී කෑගැසීමක් සහ දුරකථනය වැටෙන හඬ ඇසුණු බවයි.
වසරකට පෙර ඉන්දියාවේදී යෝජිත විවාහයකින් විවාහ වූ ජෙගනාදන්, 2017 පෙබරවාරි මාසයේදී ටොරොන්ටෝ නුවරට පැමිණ තිබුණේ තම සැමියා සමඟ එක්වීමටයි.
එහෙත් පැමිණ සති තුනකට පසුව තනපාලසිංහම් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ජෙගනාදන් නිවසින් පිටවගොස් ඇති බව අධිකරණයට වාර්තා විය.
2017 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ තනපාලසිංහම් තෙවරක් අත්අඩංගුවට ගෙන තිබුණේ විරසකවූ තම බිරිඳ සමඟ කිසිදු සම්බන්ධයක් නොපවත්වන ලෙසට වූ ඇප කොන්දේසිවලට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙනි.
දඬුවම නියම කිරීමට පෙර විනිසුරු ඈන් මොලෝයි, දැනට 37 හැවිරිදි වියේ පසුවන වරදකරුට අධිකරණය ඇමතීමට අවස්ථාවක් ලබාදුන්නාය.
තනපාලසිංහම් නමැති චූදිතයා දෙමළ භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් කියා සිටියේ, එම විවාහය කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමේ මාධ්‍යයක් බවත්, තමා ගමේ කෙනෙකු වීම සහ ඇය නගරයේ කෙනෙකු වීම නිසා තම බිරිඳ තමාට අකමැති වූ බවය.
“මේ විවාහය කැනඩාවට එන්න කියලා කරගත් පහසු විවාහයක් ” යනුවෙන් තනපාලසිංහම් දෙමළ භාෂාවෙන් අධිකරණය හමුවේ කෑගසා තිබිණි.
තම බිරිඳ තමා හැරයෑමෙන් පසු ඔහු මත්පැන් භාවිත කිරීමට පටන්ගත් බවත්, තමන් මානසික අවපීඩනයට පත් වූ ආකාරයත් ගැන ඔහු අධිකරණයට පැවසීමෙන් අනතුරුව විනිසුරු මොල්ලෝයි තනපාලසිංහම්ට වාඩි වන ලෙස දැනුම්දී තිබේ.
එසේම විනිසුරුවරයා වරදකරුට දැඩි ලෙස කියා සිටියේ “තනාපාලසිංහම් මහත්මයා, ඔබේ පවුලට ගෙනා දුක්ඛිත තත්ත්වයට ඔබ සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඒ කිසිවක් වින්දිතයාගේ වරදක් නොවේ. අර අහිංසක කාන්තාව කපා කොටා මරන හැටි මම වීඩියෝ එකෙන් බැලුවා. එය මා කිසිදා නොදුටු සහ බිහිසුණු දේවල් බොහොමයක් ඇති ම්ලේච්ඡ ක්‍රියාවක්. පළමු මට්ටමේ මිනීමැරුමකට ඔබ වැරදිකරු බව මම ප්‍රකාශ කරනවා ,”යනුවෙන්ය.
පසුව තනපාලසිංහම්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර, ඔහු සිරගත කිරීමෙන් වසර 25 ක් යනතුරු ඔහුට සමාව සඳහා සුදුසුකම් නොලබන බවද විනිසුරුවරිය නියෝග කළාය.
එය කැනඩාවේ නීතිය බව පැවසූ විනිසුරු මොලෝයි වැරදිකරුට සඳහන් කළේ, එම දඬුවම මෙම නඩුවේදී වඩාත් සුදුසු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart