June 28, 2024

ෆින්ලන්තයේ ජීවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව තිබේ.

ඩේලි ෆින්ලන්ඩ් පුවත්පතට අනුව මෙම ඝාතනය සිදුව ඇත්තේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදීය.

මෙලෙස මියගොස් ඇත්තේ ‘හිරුනීස් නදර්න් ලයිෆ්’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය කාන්තාවකි.

ඇය තිදරු මවක බව පැවසේ.

මෙම මරණය සම්බන්ධයෙන් එම මහල් නිවාසයේම ජීවත්වූ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බව ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කර තිබුණේ මොවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී බහින්බස් වීමක් උත්සන්නවී සැකකරු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවය.

එම පුවත්පතට අනුව මෙම ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය 19 වැනිදා රාත්‍රි 8ට පමණය.

සිදුවීම පිළිබඳ පොලිසිය ලැබූ තොරතුරක් මත පොලිසිය සහ ප්‍රථමාධාරකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට ගොස් ප්‍රථමාධාර ලබා දුන්න ද කාන්තාව බේරා ගැනීමට අපොහොසත් වී ඇති බව ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.

මෙම සිදුවීම ඝාතනයක් ලෙස සළකා වැන්ටා පොලිසිය මරණය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවත් තවමත් මූලික විමර්ශන සිදුවන බැවින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාව වැන්ටා පොලිසිය හෙළි කර නැත.

කෙසේවෙතත් මරණයට සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ එම කාන්තාවගේ සැමියා බව වාර්තා වේ.

ඇය විසින් ඇගේ යූ ටියුබ් නාලිකාවට එකක්කර තිබූ වීඩියෝවක් පහත දැක්වේ.

42.31%
17.27%
32.76%