
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන්නකු වන ගැරී ආනන්දසංගරී දිවුරුම් දී තිබේ.
ඔහු එරට නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා දීර්ඝ කාලීනව පෙනීසිටින ආනන්දසංගරී, කැනඩාවේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිඥා දෙමින් නව තනතුර භාරගෙන තිබේ.
කැනේඩියානු නීතිඥ සංගමය විසින් ඔහුගේ පත්වීම පිළිගෙන ඇති අතර එම සංගමය ඔහුට සහාය පළකර ඇත.
“අපි ඔහු සහ ඔහුගේ කැබිනට් සගයන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණ පුරප්පාඩු අඩු කිරීමට සහ යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීමට ඔහු ගත් උත්සාහයන් ඇතුළුව, පසුගිය වසර කිහිපය තුළ අධිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට ඔහු දැරූ කැපවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අරිෆ් විරානිට ස්තූති කිරීමට අපට අවශ්‍යයි, ”කැනේඩියානු නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ සියලුම කැනේඩියානුවන් සඳහා සාධාරණ නීති පද්ධතියක් සහතික කිරීම සඳහා රජය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ද එම සංගමය අවධාරණය කරයි.
2015 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති ආනන්දසංගරීට නීතිය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීම සම්බන්ධයෙන් ප්‍රබල පසුබිමක් ඇත.
1973 දී යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී, ප්‍රමුඛ ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙකු වූ වී. ආනන්දසංගරීගේ පුත්‍රයා වේ.
ඔහුගේ මාපියන් 1980 දී වෙන් වූ අතර ඔහු සහ ඔහුගේ මව අයර්ලන්තයට සංක්‍රමණය විය.
ඔවුන් 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සැලසුම් කර තිබිණි.
එහෙත් කළු ජූලියේ දෙමළ විරෝධී කෝලාහල ඇති වූ විට, ආනන්දසංගරී සහ ඔහුගේ මව 1983 අගෝස්තු 31 වන දින කැනඩාවට ගියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart