
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථාන – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය අතරතුර ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් හමුවූ බව රජය පවසයි.
ද්විපාර්ශ්වික ආරක්ෂක සංවාදයේ දෙවැනි දිනය වූ ඊයේ (29) මෙම හමුව පැවැත්විණි.
“මෙම ඉහළ මට්ටමේ කටයුතුවල අරමුණ වන්නේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම, කලාපීය ආරක්ෂක ගතිකතාවන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව සඳහා අවස්ථා ගවේෂණය කිරීමයි,” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ උපායමාර්ගික සහයෝගීතාවයෙන් මුල් බැසගත් දිගුකාලීන සම්බන්ධතාවයක් පවතී. දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා හවුල්කාරිත්වයේ වර්ධනයේ වැදගත්කම මෙම සංවාදයෙන් පිළිබිඹු වේ.” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය.
පසුගිය සතියේ කාශ්මීරයේ සංචාරකයන්ට එල්ල වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසුව, අසල්වැසි ඉන්දියාව විසින් හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරන අතරතුර මෙම හමුව සිදුවිය.
ඉන්දු-පාකිස්ථාන ආතතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් ගෙන තිබේ.
අද ( 30) අවසන් වන තෙදින ආරක්ෂක සංවාදය, ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට සහ පුළුල් කලාපීය ආරක්ෂක අරමුණු සඳහා දායක වීමට හේතු වන බව ශ්‍රී ලංකා රජය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart