42.31%
17.27%
32.76%
September 26, 2023

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන්ව මෙරටට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, විශේෂයෙන්ම ඩුබායි වැනි නගරවල වෙසෙන ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඔවුන්ගේ සහචරයන් හරහා මෙරට අපරාධ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඔවුන් සොයාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සම්බන්ධවී සිටින බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සඳහන් කර ඇත.

එරට වෙසෙන අපරාධකරුවන් නිශ්චිත සංඛ්‍යාක් හඳුනාගෙන ඇද්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පවසා ඇත්තේ, පිරිසක් එහි වාසය කරන නමුත් තමාට ද තවමත් නිශ්චිත තොරතුරු නොමැති බවයි.

මෙම වසරේ මුල් භාගය තුළ මෙරට වෙඩි තැබීම් 34ක් වාර්තා වී ඇති අතර, එහිදී පුද්ගලයන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙක් තුවාල ලබා ඇත.

42.31%
17.27%
32.76%