March 12, 2024

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් තරගාවලියකට එක්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම, 2024 මාර්තු සහ අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය 19න් පහළ T20 සහ එක්දින තරඟ දෙකම ඇතුළත් තුන්කොන් තරඟාවලියක් ක්‍රීඩා කරනු ඇත.

තරඟ හම්බන්තොටදී සහගාල්ලේ දී පැවැත්වෙන අතර, තරඟාවලිය තුළ සෑම කණ්ඩායමක්ම T20 තරඟ 04ක් සහ පන්දුවාර 50 තරඟ 02ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

තරගාවලියේ ජයග්‍රාහකයා තරඟ ජයග්‍රහණ මත පදනම්ව සමස්ත ලකුණු අනුව තීරණය කරනු ලබන අතර, තරඟාවලියේ අවධානය යොමු වන්නේ 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සඳහා වැදගත් තරඟ අවස්ථාවක් ලබාදීමයි.

May be an image of text that says 'SriLanka ricket FIXTURES T20 Series SRI LANKA vS AUSTRALIA AUSTRALIA VS SRI LANKA 28TH MARCH 2024 O1ST APRIL 2024 HAMBANTOTA HAMBANTOTA ENGLAND vS AUSTRALIA 02ND APRIL 2024 HAMBANTOTA AUSTRALIA vs ENGLAND 29TH MARCH 2024 HAMBANTOTA SRI LANKA VS ENGLAND 30TH MARCH 2024 HAMBANTOTA ENGLAND vs SRI LANKA 03RD APRIL 2024 HAMBANTOTA SRI LANKA vS AUSTRALIA 05TH APRIL 2024 GALLE Over Series AUSTRALIA VS ENGLAND 07TH APRIL 2024 GALLE ENGLAND vS SRI LANKA 09TH APRIL 2024 GALLE T20 50 WOME'S19 TRI-NATIONSERIES TRI-NATI LANKA AUSTRALIA ENGLAND OVER SERIES 28TH MARCH TO 09TH APRIL 2024 GICS. GALLE'