February 16, 2025

එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියක් සඳහා සහභාගී විමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසිලන්තය බලා ලබන 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

⁣ලබන මාර්තු මස 04 වැනිදා තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සහ මාර්තු 14වන දින තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය ආරම්භවීමට නියමිතව ති⁣බේ.

ඊට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 27 සහ 28 පුහුණු තරග දෙකකට සහභාගී විමට නියමිතය.