Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කියුබාවට එරෙහිව එක්සත් ජනපදය පනවන ආර්ථික හා වෙළඳ සම්බාධකවලට එරෙහි යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සහාය දක්වා තිබේ.
අදාළ සම්බාධකයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ විය.
යෝජනාවේ මාතෘකාව වූයේ “කියුබාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාව” යන්නයි.
සම්බාධකවලට එරෙහිව ඉදිරිපත් කරන මෙම යෝජනාවට රටවල් 187ක් ඡන්දය ලබාදුන් අතර එක්සත් ජනපදය හා ඊශ්‍රායලය පමණක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
යුක්රේනය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සහ අන්තර්ජාතික නීතිය යටතේ ඔවුන්ගේ බැඳීම්වලට අනුකූලව, එවැනි සීමාකාරී නීති සහ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කිරීමෙන් සහ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බව මහා මණ්ඩලය මෙහිදී නැවත අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart