November 11, 2024

සංචාරක ගමනාන්ත 183කට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ වදිමින් 2024 ලන්ඩන් ලෝක සංචාරක වෙළඳපොළේ (WTM) ‘ව්‍යාපාර කිරීම සඳහා හොඳම ස්ථානය’ ගෞරවනීය සම්මානය දිනා ගැනීමට ගනිමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමත්ව තිබේ.

එය ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශන කුටියේදී නොවැම්බර් 6 වැනි දින ලෝක සංචාරක වෙළඳපොළේ සහ රීඩ් ප්‍රදර්ශන සංවිධානයේ එක්සත් රාජධානියේ සභාපති Jonathan Hull විසින් ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති බුද්ධික හේවාවසම් වෙත පිළිගන්වන ලදී.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ අන්තර්ජාතික වෙළඳ හවුල්කරුවන් සමඟ හවුල්කාරීත්වයන් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නැවුම් ප්‍රවේශය මෙම සම්මානය මගින් අවධාරණය කරයි.

ලොව ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනවලින් එකක් වන ලෝක සංචාරක වෙළඳපොළ ලොව පුරා සිටින සංචාරක වෘත්තිකයන් එක් කරමින්, ව්‍යාපාර ජාලකරණයට පහසුකම් සැලසීම සහ සංචාරක අංශයේ ආයෝජන දිරිමත් කරයි.

මෙම වසරේ, ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය නිර්මාණය, පිළිගැනීමේ වාතාවරණය සහ ව්‍යාපාරික අන්තර්ක්‍රියා, ප්‍රශස්ත කළ උපාය මාර්ගික පිරිසැලසුම ආදිය මගින් විනිසුරුවන් සහ සහභාගිවන්නන් එකසේ විශ්මයට පත් කළේය.

‘ව්‍යාපාර කිරීම සඳහා හොඳම තැන” සම්මානය විශේෂයෙන් වැදගත් වන්නේ පෙර නොවූ විරූ අභියෝගාත්මක කාල පරිච්ඡේදයකින් පසුව ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැගීමට සහ සංචාරක ව්‍යාපාරය නංවාලීමට ශ්‍රී ලංකාවේ කැපවීම එමගින් පිළිබිඹු කරන බැවිනි.

ශ්‍රී ලංකා කුටිය සියගණනක් නරඹන්නන් ආකර්ෂණය කර ගත් අතර, ඔවුන්ට රටේ අද්විතීය ආකර්ෂණීයස්ථාන පිළිබඳ රසයක් ලබා දෙමින් සහ ගැඹුරු ව්‍යාපාරික සාකච්ඡා සඳහා අවස්ථා සලසා දුන්නේය.

සංචාරක නියෝජිතායතන, සංචාරක ක්‍රියාකරුවන් සහ ආගන්තුක සත්කාර දාමයේ ප්‍රධාන පාර්ශවකරුවන් දිවයිනට වැඩි සංචාරකයන් ගෙන්වා ගැනීමට අදාළ වූ ඵලදායී සංවාදවල නිරත වී තිබිණි.

මෙම සම්මානය ලැබෙන්නේ Wanderlust Reader Travel Awards හි දී ලෝකයේ හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක්ව ඇති මොහොතක වන අතර එය ඉදිරි වසරක කාලය සඳහා බෙහෙවින් වැදගත් වේ.

42.31%
17.27%
32.76%