September 7, 2023

එංගලන්තයට එරෙහිව ඕනෑම ආකෘතියක තරගාවලි ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අත්කර ගත්තේ පිට පිට දෙවැනි පෙරලිකාර ජයග්‍රහණයත් සමඟිනි. ශ්‍රී ලංකාව හමුවේ ඔවුන්ගේ පළමු 20/20 ජාත්‍යන්තර තරග පරාජයෙන් දින හතරකට පසු ඩර්බිහිදී වෙනසක් සිදු කිරීමට එංගලන්තය අපොහොසත් වූ අතර, ඔවුන් පිට පිටම දෙවැනිවරටත් පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී යද්දී තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

සෙනසුරාදා චෙල්ම්ස්ෆෝර්ඩ්හිදී එංගලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 18 කදී ලකුණු 104 කට දැවී ගිය අතර, දඟ පන්දු යවන කවිෂා දිල්හාරි, වේගපන්දු යවන්නියක් වන උදේශිකා ප්‍රබෝධනී සහ නායිකා චමරි අතපත්තුගේ විශිෂ්ඨ පන්දු යැවීමේ එකතුව තුළ දෙවැනි තරගයේදී එංගලන්ත ඉනිම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 116කට සීමා විය.

අනතුරුව අතපත්තු විසින් ජයග්‍රහණය හඹා යෑම ආරම්භ කරමින් ගිනි කෙලි සංදර්ශනයකින් පිටිය විචිත්‍රවත් කළාය. පිට පිට දෙවැනි අර්ධ ශතකය ලබාගැනීමට ලකුණු 6ක් අඩුවෙන් ඇය දැවී ගියද, පන්දු 18ක් ඉතිරිව තිබියදී කඩුලු 7කින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට එම පිතිප්‍රහාරය ප්‍රමාණවත් වුණි. ඒත් සමගින් 2010 වසරෙන් පසු ඔස්ට්‍රේලියාව හැර වෙනත් කණ්ඩායමක් හමුවේ එංගලන්තයේ පළමු ද්විපාර්ශ්වික T20I තරඟාවලි පරාජය ද උරුමකර දීමට ඇය සමත් වූවාය.

තරගයේ පළමු පන්දුවට ඉනෝෂි ප්‍රියදර්ශනීගේ පන්දුවක් හමුවේ අනවශ්‍ය පහරක් එල්ල කරමින් ඩැනී වයිට් දැවී යාම සත්කාරක එංගලන්තය කම්පනයට ලක් කළේය. එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් එකම ක්‍රීඩිකාවකට හෝ පන්දු 20කට වඩා මුහුණ දීමට අවස්ථාව ලබා නොදුන්හ.

පළමු තරගයේ ක්‍රීඩිකාව වූ අතපත්තු කඩුලු 3ක් දවා ගනිද්දී උදේශිකා සහ කවීෂා කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

දෙවැනි පන්දුවාරයේ දීම දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් චමරි අතපත්තු සිය ගිනිකෙලි සංදර්ශනය ආරම්භ කිරීමේ පළමු ඉඟිය ලබා දුන්නාය.

පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 58ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වළකන්නට සාරා සහ කැප්සි උත්සාහ කළද ඒ වන විට සත්කාරකයින් බොහෝ ප්‍රමාද වී තිබුණි.