June 24, 2023

ශ්‍රී ලංකාව තෙල් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 250 වෙනුවට ලබන මාසයේ ඉරානයට තේ හුවමාරු කිරීම ආරම්භ කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා වාර්තා උපුටා දක්වමින්සි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

2012 දී ආනයනය කරන ලද තෙල් සඳහා භාණ්ඩ හුවමාරුව වෙනුවෙන් 2021 දී එකඟ වූ නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ගනුදෙනුව ප්‍රදවී තිබේ.

“මෙය අපට ඉතා කාලෝචිත වන්නේ, අපට වැදගත් වෙළඳපලකට ප්‍රවේශය ලැබෙන නිසාත්, ඉරානයට සහ ශ්‍රී ලංකාවට ඩොලර් මත යැපීමෙන් තොරව වෙළඳාම් කළ හැකි නිසාත්” යැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

“ගිවිසුම වූයේ මාස 48කට සෑම මසකම ඩොලර් මිලියන 5ක් වටිනා තේ යැවීමයි, නමුත් අපි මසකට ඩොලර් මිලියන 02කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කරමු” යැයි සභාපතිවරයා සඳහන් කර ඇත.

ගෝලීය වශයෙන් ජනප්‍රිය සිලෝන් ටී (Ceylon Tea) යනු ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන බෝගය වන අතර, රජයේ දත්ත වලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 1.25ක් උපයා ඇත.