August 8, 2024

ශ්‍රී ලංකා පොලිස් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් වෙළඳසැල් කිහිපයක් වටළා ව්‍යාජ කැසියෝ ඔරලෝසු තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව ජපානය පදනම් කරගත් ප්‍රධාන සමාගමේ දේශීය නියෝජිතයන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

“අපගේ වෙළඳ නාමය සහ අපගේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා අපි බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු.” යැයි Casio India හි නීති අංශයේ ප්‍රධානී Gurmeet Singh සඳහන් කරයි.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් විශාලතම සිල්ලර වෙළඳසැලක ස්ථාන තුනක එකවර වැටළීම් සිදුකරන ඇත.

එම ස්ථානවලතිබී ව්‍යාජ කැසියෝ ඔරලෝසු, මූලික වශයෙන් G-SHOCK වර්ගයේ ඔරලෝසු අත්අඩංගුවට ගෙන තිබේ.