Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 46/1 සහ 51/1 මගින් ස්ථාපිත බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිළිගැනීම ශ්‍රී ලංකාව නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ.
එසේම ඊට සම්බන්ධ වන සියලුම ජාතීන්ට සැළකිව යුතු නෛතික හා දේශපාලන ඇඟවුම් ද ශ්‍රී ලංකාව විසින් අවධාරණය කර තිබේ.
“එය ප්‍රයෝජනවත් නොවන අතර පැහැදිලි ප්‍රතිලාභ නොමැතිව ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් බෙදීමට සහ තවදුරටත් ධ්‍රැවීකරණය කිරීමට පමණක් සේවය කරයි. එය දේශීය නීතිමය ක්‍රියාවලීන්ගේ කැපවීම ද පූර්ව විනිශ්චය කරයි,” යැයි ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසිවාරයේදී පැවසුවාය.
ලොව පුරා ඇති අභියෝගාත්මක මානව හිමිකම් තත්ත්වයන් අපක්ෂපාතීත්වය, තෝරා නොගැනීම, විෂයමූලකත්වය සහ ද්විත්ව ප්‍රමිතිවලින් වැළකී සිටීමේ මෙම කවුන්සිලයේ ආරම්භක මූලධර්මවලට අනුකූලව තක්සේරු කළ යුතු බව ද ඇය පැවසුවාය.
“මෙම මූලධර්මවලට පටහැනි අත්තනෝමතික හා ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලංකාව දැඩි ලෙස විරුද්ධ වේ. සාමාජික රටවල් විසින් ලබා දුන් ජනවරම ඉක්මවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය වෙත යෑම සහ දේශපාලනීකරණය වීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයේ කටයුතු පිළිබඳ විශ්වාසය ඛාදනය වීමට හේතු විය හැක.” යනුවෙන් ද ඇය සඳහන් කළාය.
විශ්ව කාලාන්තර සමාලෝචනයේ මෑත කාලීන 4 වැනි චක්‍රයේ දී චීනය විසින් වාර්තා කරන ලද ප්‍රගතිය ශ්‍රී ලංකාව ද පිළිගත්තේය.
“චීන ජනතාවගේ ආර්ථික, සමාජීය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අර්ථවත් ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා චීන ජනතාවගේ ජීවිත නගා සිටුවීමේ දී චීනය ලබා ඇති දැවැන්ත ප්‍රගතිය අපි අවධානයට ගනිමු,” යනුවෙන් ඇය පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිවරිය පැවසුවේ, ගාසා තීරයේ අප දිගින් දිගටම දකින අතිවිශාල ජීවිත හානි සහ දුක් වේදනා පිළිබඳ බොහෝ නියෝජිතයන් විසින් ප්‍රකාශ කරන ලද බරපතළ කණස්සල්ල ශ්‍රී ලංකාව ද බෙදා ගන්නා බවයි.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය කෙරෙහි සැළකිව යුතු මහජන විශ්වාසයක් පෙන්නුම් කරමින් පැමිණිලිකරුවන් 6,025න් 5,556ක් එම කාර්යාලය හමුවේ පෙනී සිටි බව ඇය පෙන්වා දුන්නාය.
2024 අප්‍රේල් වන විට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදන් වූ පුද්ගලයන් 16 දෙනෙකු සොයා ගත් අතර, ඉන් 11 දෙනෙකු ජීවතුන් අතර සිටින අතර එක් අයකු මිය ගොස් තිබේ.
නඩු 4ක් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
තවද, පවුල් 1,709ක් ‘නොපැමිණීමේ සහතික’ ලබාගෙන ඇති අතර, වලංගු කාලය 2028 දක්වා දීර්ඝ කර ඇත.
දත්ත රැස් කිරීම, ආරක්ෂාව සහ කළමනාකරණය සහ නීතිමය සහ අධිකරණ වෛද්‍ය විශේෂඥතාව පිළිබඳ තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අන්තර්ජාතික රතුකුරුස සමාජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart