Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දින ලබන සති අන්තයදය ඇතුළත් වන පරිදි දින 05ක දීර්ඝ බැංකු නිවාඩුවක් ලබාදෙන අතර, ඊට සමගාමිව ලබන සති අන්තයේ හදිසියේ පාර්ලිමේන්තුව කැඳවීම හරහා ආණ්ඩුව යම් සැලැස්මක් දියත් කර ඇති බවට මේ දිනවල රාවයක් පවතී.
හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වන දා බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ලබන 30 වැනිදාද විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය නිවේදනය කර ඇත. ඉන් අනතුරුව යෙදෙන සති අන්තයෙන් පසුව එළඹෙන සඳුදා දිනය ඇසල පොහෝ දිනය වේ. ඒ අනුව වැඩ කරන දින තුනක් ඇතුළුව දින පහකට දිවයිනේ මූල්‍ය වෙළඳපොළ වසා දැමෙනු ඇත.
මේ අතර ලබන සතිඅන්තයේ හදිසියේ පාර්ලිමේන්තුව රැස්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඊට අදාළ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ලබන අඟහරුවාදා(27) පැවැත්වීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
ආණ්ඩුව මෙලෙස ලබන සතිඅන්තයේ පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට සුදානම් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදය සහ ඊට අදාළ යෝජනාවක් සම්මත කරගැනීම වෙනුවෙන් බවට වෙළඳපොළ විශ්ලේෂකයෝ අනුමාන කරති.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමක් සිදුකළහොත් එය මෙරට බැංකු පද්ධතියට විශාල බලපෑමක් සිදුකරනු ඇතැයි ඇතැම් පාර්ශව පෙන්වාදී ඇත.
කෙසේවෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙස අන්තර්ජාතික මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට උපදෙස් දී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල රජයට උපදෙස් දී ඇති බවට පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීවරුන් වැරදි ලෙස ප්‍රකාශ කරන බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වාදුන්නේය.
මූල්‍ය අරමුදල හුදෙක් සඳහන් කර ඇත්තේ ණය බර ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට වුවද, එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් මෙරටට ලබාදී නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසන්නේ දින පහක බැංකු නිවාඩුවක් ලබාදී, ආණ්ඩුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් (DDR) ප්‍රකාශයට පත් කිරීමට රජයට කිසිදු සැලැස්මක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart