March 15, 2024

තම භූමියේ චීන හමුදා කඳවුරක් පිහිටුවීමේ සැලසුම් ඇති බවට එක්සත් ජනපද බුද්ධි අංශ විසින් මෑතදී කරන ලද ප්‍රකාශයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාව සිය දේශසීමා තුළ හමුදා කඳවුරක් පිහිටුවීම සම්බන්ධයෙන් චීනය ඇතුළු විදේශීය රජයන් සමඟ කිසිදු සාකච්ඡාවක නිරත වී නොමැති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ‘ඩේලි මිරර්’ වෙත ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාව තුළ එවැනි හමුදා කඳවුරක් පිහිටුවීම සඳහා චීනය ඇතුළු කිසිදු විදේශ රජයක් සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡා කර නැහැ” රාජ්‍ය ඇමැතිවරයා එක්සත් ජනපදයේ ප්‍රකාශයන් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත.

මෙම සතියේ, සිය 2024 වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවේ, එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රකාශ කළේ, චීනය ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ඔවුන්ගේ බල ප්‍රක්ෂේපන හැකියාවන් ඉහළ නැංවීමට සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට හමුදා පහසුකම් පිහිටුවීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බවයි.

“ශ්‍රී ලංකාවේ චීන හමුදා කඳවුරක් ස්ථාපිත කළ හැකි බවට එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තාව අසත්‍යයි. අපි මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා” යැයි රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව කිසිදු හේතුවක් මත තම දේශසීමා තුළ හමුදා කඳවුරු පිහිටුවීමට කිසිදු විදේශ රටකට අවසර නොදෙන බව රාජ්‍ය ඇමැතිවරයා තහවුරු කර තිබේ.

එක්සත් ජනපද වාර්තාව ද සඳහන් කළේ, “ජිබුටි හි සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ එහි හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට, වාර්තා වන පරිදි බුරුමය, කියුබාව, සමක ගිනියාව, පාකිස්ථානය, සීෂෙල්ස්, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටැන්සානියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය. ඇතුළු විවිධ ස්ථානවල හමුදා පහසුකම් හඹා යෑම ගැන චීනය සළකා බලමින් සිටී.” යනුවෙනි.

42.31%
17.27%
32.76%