December 21, 2023

2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක් ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 200ක් සහ ලෝක බැංකුවෙන්(WB) ඇමරිකානු ඩොලර් මිලියන 250 ක්ද ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් වන මෙම ලැබීම් අයවැය සහාය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර විදේශ සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.

මෙම ඩොලර් මිලියන 780කට වැඩි කැපී පෙනෙන විදේශ විනිමය රජයට ගලාඒමත් සමඟ, එය රටේ විදේශ සංචිත ශක්තිමත් කරන බව මුදල් අමාත්‍යාංශයද ප්‍රකාශ කරයි.

ඒ හරහා රටේ දළ නිල සංචිත 2023 අවසන් වන විට ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

42.31%
17.27%
32.76%