October 15, 2023

දෙවැනි සේවා දිගුවත් අවසන් වූ පොලිස්පති චන්දන වික්‍රමරත්නට තුන්වැනි වරට ද පසුගිය දා සේවා දිගුවක් හිමිවිය.

157 වසරක් පැරණි ශ්‍රී ලංකාවේ සේවයේ පවතින බරපතළ නායකත්ව අර්බුදය මෙලෙස චන්දන වික්‍රමරත්නට තුන්වැනි වරටත් සේවා දිගුවක් ලබාදීම මගින් පිළිබිඹු කරයි.

පොලිස්පති වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබාදීම රටම ග්‍රහණය කරගන්නා අපරාධ රැල්ලෙන් කම්පාවට පත්වූවන්ට අපහාසයක් ලෙස පෙනීගිය ද, බොහෝදෙනෙක් නොදන්නා කරුණක් වන්නේ, පොලිස් ප්‍රධානියාගේ බලතල උදුරාගෙන ඇති මෑත කාලීන නිලධාරි ස්ථරය හේතුවෙන් තම නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු විනය පාලනයක් පොලිස්පතිවරයාට නොමැති බවය.

නීතිය හා සාමය පිළිබඳ පවතින ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානියා වගකිවයුතු වීම ස්වාභාවික වුවත් පොලිස් කොමිසමේ අණ සහ පාලන ව්‍යුහය ආයතනික වශයෙන් අර්බුදය ගැඹුරු කිරීමට හේතු වී තිබේ.

දේශපාලන අභිප්‍රේරිත ක්‍රියාවලින් සහ ස්ථාන මාරුවීම්වලින් නිලධාරීන් ආරක්‍ෂා කිරීමට අදහස් කරමින් පිහිටුවනු ලැබූ පොලිස් කොමිසමට අවසානයේ සිදු වී ඇත්තේ ඔවුන්ට එරෙහි ඕනෑම විනය ක්‍රියාමාර්ගයකින් ඉවත්ව සිටීමටය.

පොලිස් නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරිනියන්ගේ විනය හා ස්ථාන මාරුවීම් සියල්ල හැසිරවීමේ බලය සහිත පොලිස් කොමිසම පිහිටුවීමෙන් සිදුව ඇත්තේ එවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානියාට තිබූ බලතල පැහැරගැනීමය.

ඇත්ත වශයෙන්ම, පොලිස්පතිවරයාට පොලිස් කොමිසම ඇමතීමට හැකියාව ඇත්තේ, දේශපාලන පත්වීමකින් පැමිණ සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා පමණි.

උදාහරණයක් වශයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම එවක බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළ නමුත් අද වනතුරු කිසිවක් සිදු වී නොතිබීම පොලිස් කොමිසමේ අකාර්යක්ෂම බව පෙන්නුම් කරයි.

පොලිස් ප්‍රධානියාගේ බලතල පැතිරෙන්නේ සැරයන් නිලයෙන් පහළ පිරිමින්ට පමණක් වන අතර පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම නිසා පහළ මට්ටමේ කොස්තාපල්වරුන් දෙදෙනකු දැනටමත් සේවයෙන් පහකර සිටියි.

එහෙත්, පොලිස් කොමිසමේ කල්දැමීම් හේතුවෙන් අද වනතුරුත් එකදු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට එරෙහිව හෝ විනය ක්‍රියාමාර්ග ගෙන නැත.

පොලිස් ස්ථාන මාරුවීම් සඳහා ද එය අදාළ වේ.

දේශබන්දු තෙන්නකෝන් වැනි බස්නාහිර පළාතේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට හෝ ඉවත්කරන ලෙස ප්‍රාථමික උසාවි, නීතිපතිවරයා සහ පොලිස් ප්‍රධානියාම ඉල්ලා සිටියදී මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ක්‍රියාමාර්ගය අවහිර කර තිබේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය කඩිනමින් මෙන්ම පුළුල් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින බව පැහැදිලි කරුණකි.

වික්‍රමරත්න තබාගත්තත් නැතත් ආරම්භයක් වශයෙන් පොලිස් ප්‍රධානියා බලගැන්වීම දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු විසඳීමේ තීරණාත්මක පියවරක් ලෙස දැකිය හැකිය.

වත්මන් ධූරාවලිය තුළ, වික්‍රමරත්න වෙනුවට පත්වීම සඳහා සෘජුවම පෙළගැසී සිටින නිලධාරීන්ට එය වැළක්වීමට හේතුවන බරපතළ කැළැල් තිබේ.

පළමුවැන්නා වන වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩ නියමකරනු ලැබ ඇත.

ධූරාවලිය තුළ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ තුන්වැනි තැන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ද පවතින්නේ යහපත් තත්ත්වයක් නොවන අතර, ඔවුන්ට එරෙහිව විනයානුකූලව මෙන්ම අපරාධමය වශයෙන් නඩු පැවරීමට ජනාධිපති විමර්ශන කොමිසමට අවශ්‍ය වී තිබිණි.

කෙසේ වෙතත්, පොලිස් කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසු රටේ පවතින විනය ව්‍යුහය අනුව නායකත්වයේ කිසියම් ආරක්ෂක වෙනසක් සිදු කළහොත් හැර රටේ නීතිය හා සාමයික තත්ත්වය වෙනස් කළ නොහැක.

දේශපාලන ඇඟිලි ගැසීම් තුරන් කිරීම සහ දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්‍ෂම කිරීම අරමුණු කරගනිමින් මෙම කොමිසම පිහිටුවන ලද වුවත්, අනුප්‍රාප්තික කොමිෂන් සභා පෙන්නුම් කරමින් සිටින්නේ ඔවුන්ගේ පක්ෂග්‍රාහීභාවය මත ඕනෑම තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ඵලදායී ලෙස අවහිර කළ හැකි බවය.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම ප්‍රශ්නය තවත් උග්‍ර කර තිබේ.

මෙම ඇඟිලි ගැසීම් හේතුවෙන් පොලිස් ස්ථාන භාරව දේශපාලන අභිප්‍රාය ඇති පුද්ගලයන් පත්කර ඇති අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙක්ගේ අකාර්යක්ෂම බව ද ඔප්පු වී ඇත.

නීතිය ,සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යෑම භාර නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව 2022 ජූනි 09 වැනි දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසුව සිදු වූ ප්‍රතිවිපාක මගින් පැහැදිලි වී තිබේ.

අධික ලෙස අපරාධ සිදුවන ප්‍රදේශවල පොලිස් නායකත්වයේ සැළකිව යුතු වෙනසක් සිදුවී නොමැත.

මෙම වගවීම නොමැතිකමේ ගැටලුව දිගටම පවතිනවා පමණක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩතාව සහ සඵලතාව පිළිබඳ බරපතළ ප්‍රශ්න ද මතුකරයි.

80,000 කට අධික පිරිමින් සහ කාන්තාවන්ගෙන් යුතු බළමුළුව පවත්වාගෙන යෑමට හා විනය යථා තත්ත්වයට පත්කිරීමට පොලිස්පතිවරයාට බලය දිය යුතුය.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිසංස්කරණය සමස්ත පොලිස් පද්ධතියම වඩාත් විනිවිදභාවයෙන්, වගවීමෙන් හා මහජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට හැකි පුළුල් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ප්‍රයත්නයක කොටසක් විය යුතුය.

ප්‍රතිසංස්කරණය සඳහා වන මාවත අභියෝගාත්මක වනු ඇත, නමුත් මහජන විශ්වාසය යළි ස්ථාපිත කිරීම සහ ජාතියේ සුරක්ෂිත බව සහ ආරක්ෂාව සහතික කිරීම අවශ්‍ය වේ.

විශේෂයෙන් වාහනවල යමින් වෙඩි තැබීම පිළිබඳ අපරාධ ඉහළ ප්‍රදේශ සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමුවිය යුතුය.

මෑත කාලීන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශ්ලේෂණ වාර්තාව මගින් ආදායම් උපයන ආයතන ගණනාවකට ගොස් නිලධාරීන්ගේ විෂමාචාර විමර්ශනය කිරීමට අභ්‍යන්තර කටයුතු ඒකකයක් යෝජනා කර තිබිණි.

එහිදී අල්ලස් හෝ දුෂණ විරෝධී කොමිසම ඇතුළු ප්‍රධාන ආයතන සඳහා පොලිස් සහාය නිර්දේශ කර තිබුණේ උපහාසාත්මකවය.

කෙසේ වෙතත් පොලිසිය තුළ ඇති ගැටලු පිළිබඳ හෝ පොලිස් දෙපාර්තමේන්තුව තුළම ඵලදායි විනය යාන්ත්‍රණයක් හෝ අභ්‍යන්තර කටයුතු ඒකකයක් නොමැතිකම පිළිබඳ එහි කිසිදු සඳහනක් කර නොතිබිණි.

42.31%
17.27%
32.76%