January 21, 2024

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එම පෙරමුණේ ‘දසබල සේනා’ වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයන් මුණ ගැසීමට නියමිතව ඇත.

ඒ අනුව, මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල සියළු නායකයන් මෙහිදී මුණ ගැසීමට නියමිත බව නාමල් රාජපක්ෂ පවසයි.

ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට සමගාමීව මෙම දසබල සේනා වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව, කොලඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (22) මොරටුව ප්‍රදේශයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බව මන්ත්‍රීවරයා පවසයි.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත්, බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීමත්, මෙහි අරමුන බව නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මීට අමතරව පොහොට්ටුවට එල්ල කරන අසත්‍ය චෝදනා පිලිබදව දැනුවත් කර සත්‍ය කුමක්දැයි ග්‍රාමීය නායකයන් දැනුවත් කිරීමටද සූදානම් බව ඔහු පවසයි.

මීට අමතරව එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයන් දස දෙනකු තෝරාගෙන පක්ෂ අසත්‍ය ප්‍රකාශ වලට පිලිතුරු දීම සදහා සූදානම් කරවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%