December 18, 2023

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණි ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) පෙරවරුවේ, එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ට විරෝධය පළකළහ.

මෙම විරෝධය පළකෙරුණේ පසුගියදා පක්ෂ සම්මේලනයේදී සාගර කාරියවරම් විසින් කළ ප්‍රකාශයකට එරෙහිවය.

කෙසේවෙතත් ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් ඔවුහු මාර්ගය ඉදිරිපිට විරෝධය පළකළහ.

විරෝධතාකරුවන් විසින් එහිදී පුන්නක්කු බාල්දියක් ද රැගෙන විත් තිබූ අතර, එය මාර්ගයේ තබා ඔවුන් සිය විරෝධය පළ කළහ.

42.31%
17.27%
32.76%