Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැති අතර, එහි දී මෙම කරුණු අනාවරණය විය.
ඒ අනුව, රුපියල් මිලියන 32.2ක මුදලක් තල් රා අපනයනය කිරීම මගින් ඉපැයීමට හැකිව තිබෙන අතර, මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබී තිබේ.
මීට අමතරව, තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.
Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි වෙළෙද පොළින්ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.
මෙම කර්මාන්තය තවදුරටත් පුළුල් කළ හැකි අතර, රටට අවශ්‍ය විදේශ විනිමය ලබාදිය හැකි තවත් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ලෙස තල් ආශ්රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විධිමත් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්තිට උපදෙස් දුන්නේය.
මේ අතර තල් ආශ්රිත අනෙකුත් නිෂ්පාදන අපනයනයෙන් ද 2023 වර්ෂයේ ඉහළ ආදායමක් ඉපැයීමට හැකි වී තිබේ.
එසේම, තල් පල්ප (Palmyra pulp) අපනයනයෙන් රුපියල් මිලියන 03ක්, Odial flour අපනයනයෙන් රුපියල් මිලියන 2.9ක්, Pulukodial Flour අපනයනයෙන් රුපියල් ලක්ෂ 08ක්, තල් සූකිරි අලෙවියෙන් රුපියල් මිලියන 2.6ක්, තල් හකුරු අපනයනයෙන් රුපියල් මිලියන 2.6ක් ද වශයෙන් ඉපැයීමට සමත්ව ඇත.
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතු වැඩි කිරීම සඳහා මෙවර අයවැය ලේඛනය මගින් රුපියල් 30ක මුදලක් රජය විසින් ලබා දී තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart