February 28, 2025

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීය අවි තහනම් නිර්මාණය කිරීමේ උත්සාහයන් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සහාය ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය.

“ආයුධ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය යෙදීම ඇතුළු තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුව හේතුවෙන් අද ගෝලීය නිරායුධකරණ ක්‍රියාවලිය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටී,” නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ප්‍රධාන සැසියක් අමතමින් අමාත්‍ය විජිත හේරත් පැවසීය.

“අන්තර්ජාතික මානුෂීය නීතියේ මූලධර්ම ආරක්ෂා කිරීම ලෝක සාමයේ සහ ස්ථාවරත්වයේ මුල්ගල බවට වන අපගේ ස්ථාවරයට අනුව, මාරාන්තික ස්වයංක්‍රීය ආයුධ පද්ධති තහනම් කිරීම සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති මෙවලමක් පිළිබඳ සාකච්ඡා ඉක්මණින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහාය දක්වයි. ඒ සඳහා ශ්‍රී ලංකාව 2023 දී අතිමහත් බහුතරයක් විසින් සම්මත කරන ලද නීති පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පළමු කමිටු යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයකු බවටද ශ්‍රී ලංකාව පත්විය.” අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, අභ්‍යවකාශ තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුව නිසා වාණිජ සහ යුද ක්‍රියාකාරකම් අතර රේඛාව බොඳකිරීම හේතුවෙන් අභ්‍යවකාශයේ සාමයට එරෙහිව වර්ධනය වන තර්ජන පිළිබඳව ශ්‍රී ලංකාව ද කනස්සල්ල පළකරන බවයි.