July 14, 2023

ආර්ථිකයේ දිගුකාලීන අර්බුද සහ වළක්වා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ‘නරක බැංකුවක්'(Bad Bank) අවශ්‍ය බව බ්ලුම්බර්ග් (Bloomberg) වාණිජ පුවත් සේවය පෙන්වාදෙයි.

‘නරක බැංකුවක්’ යනු වෙනත් බැකු සහ මූල්‍ය ආයතනවල බොල් ණය සහ අනෙකුත් ද්‍රවශීල කොටස් මිලදී ගැනීම සඳහා පිහිටුවන බැංකුවකි.

සැළකිව යුතු අකාර්යක්ෂම වත්කම් ඇති මූල්‍ය ආයතනය මෙම කොටස් වෙළඳපල මිලට නරක බැංකුවට විකුණනු ලැබේ.

එවැනි වත්කම් නරක බැංකුවට පැවරීමෙන්, මුල් ආයතනයට එහි ශේෂ පත්‍රය නිෂ්කාශනය කිරීමේ හැකියාව ලැබේ.

මුල්‍ය අර්බුද වලදී ගැටළුකාරී වත්කම් ඉහළ මට්ටමක පවතින පෞද්ගලික මූල්‍ය ආයතන නංවාලීමේ මාර්ගයක් ලෙසද නරක බැංකු සැළකේ.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වලට අනුව, 2022 අවසානයේ මෙරට අක්‍රීය ණය (NPL) අනුපාතය 11.3% ක් වූ අතර, එය 2023 පළමු කාර්තුවේදී 12.7% දක්වා සහ 2023 මැයි වන විට 13.3% දක්වා වැඩිවී ඇත.