Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් හා එක්ව පසුගිය වර්ෂය තුළ (2024) සිදුකළ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීතිවිරෝධී කටයුතු සිදුකළ දේශීය හා විදේශීය පුද්ගලයන් 407 ක් සමඟ, රුපියල් මිලියන 28158 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ භාණ්ඩ විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත්ව තිබේ.
මෙරට සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම උදෙසා ශ්‍රි ලංකා නාවික හමුදාව, කලාපීය සමුද්‍රීය පාර්ශවයන් හා එක්ව සාගර කලාපය නිරන්තර ආවේක්ෂණය කරමින් මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව; ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන සමඟ එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් මඟින් සහ ඉන්දීය නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළආරක්ෂක බළකාය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් මඟින්, 2024 වර්ෂයේ දී රුපියල් මිලියන 15554 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 622 කට අධික තොගයක්, රුපියල් මිලියන 11508 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් ක්‍රිස්ටල් මෙතම්පිටමයින් (අයිස්) කිලෝග්‍රෑම් 1211 කට අධික තොගයක්, රුපියල් මිලියන 700 කට අධික දළ වීථි වටිනාකමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1752 කට අධික තොගයක්, රුපියල් මිලියන 23 කට අධික දළ වීථි වටිනාකමකින් දේශීය ගංජා කිලෝග්‍රෑම් 119 කට අධික තොගයක් සහ රුපියල් මිලියන 373 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්පෙති 1,179,746 ක තොගයක්, අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
එසේම, නාවික හමුදාවේ තොරතුරු මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය, දේශීය ගංජා පැළ 107626 ක් ද අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට සමත්ව තිබේ.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශිය ධිවර යාත්‍රා 21 ක් සමඟ සැකකරුවන් 230 ක්, අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇති අතර, 2024 වර්ෂයේ නීතියේ රැහැනට හසුකරගත් තහනම් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 28158කට අධික වේ.
එමෙන්ම, පසුගිය වර්ෂය තුළදී සිදුකළ මෙහෙයුම් මඟින්, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට තැත්කළ මත්පැන් බෝතල් 226 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක්, නීතිවිරෝධී දුම්වැටි 234670 ක තොගයක්, මදන මෝදක 972 ක තොගයක් සමඟ සැකකරුවන් 52 ක්, ගජමුතු 11 ක සංඛ්‍යාවක් හා නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 14 ක්, මෙරට මුහුදු කලාපය ඔස්සේ වන සතුන් ජාවාරම් කළ යාත්‍රාවක් (01) සමඟ පුද්ගලයන් 05 ක්ද නාවික හමුදාව මගින් නීතියේ රැහැනට හසුකර දී ඇත.
පසුගිය වසර තුලදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 65687 කට අධික තොගයක්, වියළි කහ කිලෝග්‍රෑම් 7272 කට අධික තොගයක්, ඉඟුරු කිලෝග්‍රෑම් 368 කට අධික තොගයක්, කෘෂි රසායනික දියර බෝතල් 8330 ක් හා පැකට් 56786 ක්, රූපලාවන්‍ය නිෂ්පාදන 727 ක තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් 81 දෙනෙකු සහ ඉන්දීය ජාතික සැකකරුවන් 03 දෙනෙකු හා ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර දී තිබේ.
නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරනු ලබන අතර, 2024 වසරේ සිදුකළ මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට උත්සහ කල පුද්ගලයින් 20 ක් රැගත් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart